දළ නිල සංචිත ඩොලර් මිලියන 4,500ක් දක්වා ඉහළට
2024-03-09 17:06:18
Share with:

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය ජනවාරි මාසයේ අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 4,500ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මේ නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4ක අගයකට සමාන විනිමය හුවමාරු පහසුකමද අන්තර්ගත වේ. 

මේ අතර පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ, මේ වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ඇති බවයි.

මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිල දී ගැනීම දළ නිල සංචිත ඉහළ යෑමට ප්‍රධාන හෙතුව බව මහ බැංකුව පෙන්වා දෙයි. සමස්තයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 245ක් පමණ මිල දී ගෙන ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම