චීනයේ ඔත්තු බැලූ පුද්ගලයා බේරාගැනීමට දරන උත්සාහයෙන් කැනේඩියානු රජයේ චෝදනාව ව්‍යාජ බව සනාථ වෙයි
2024-03-09 17:09:12
Share with:

චීනයේදී ඔත්තු බැලීම හේතුවෙන් චීනය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කැනේඩියානු ව්‍යාපාරිකයෙකු වන Michael Spavor වෙත වසර 3ක සිරදඩුවමක් පනවා තිබිණ. Michael Spavor වෙනුවෙන් කැනේඩියානු ‍ඩොලර් මිලියන 7ක වන්දි මුදලක් ලබාදීමට පසුගිය දා කැනේඩියානු රජය එකඟ වී ඇතැයි කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 2018 වසරේ Michael Spavor චීන අත්අඩංගුවට පත්වීමෙන් පසු කැනේඩියානු රජය ‍කිහිප වරක් ප්‍රකාශ කළේ චීනය පදනම් විරහිතව අත්තනෝමතික ලෙස එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි. එහෙත් පසුගිය දා වන්දි මුදල පිළිබඳව කැනේඩියානු රජය හා Michael Spavor අතර පැමිණි එකඟතාව මගින් කැනේඩියානු රජය කලින් කළ ප්‍රකාශය සත්‍යය සඟවා ගැනීමට දැරූ උත්සාහයක් බව සනාථ වී ඇතැයි දේශපාලන වි‍ශ‍්ලේෂකයෝ පෙන්වා දෙති.

චීන-උතුරු කොරියානු දේශසීමා මායිමේ දිගු කාලයක් රැඳී සිටි Michael Spavor, එවකට චීනයේ සිටි කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී Michael Kovrig සමග එක්ව ඔත්තු සේවයේ නිරත වෙමින් චීනය පිළිබඳ රහස් තොරතුරු විශාල ප්‍රමාණයක් එක්රැස් කර තිබිණ. ඒ හේතුවෙන් 2018 වසරේ චීනයේ අත්අඩංගුවට පත් වූ  එම දෙදෙනා වසර 3කින් පසු චීනයෙන් පිටුවහල් කරනු ලැබූහ. තමන් නොදැනුවත්ව Michael Kovrig සමග බෙදා ගත් ‍තොරතුරු පසුව Michael Kovrig කැනේඩියානු රජයට සපයා දුන් බැවින් තමන් චීනයේ අත්අඩංගුවට පත්වූ බව කියමින්, ආපසු කැනඩාවට ගිය පසු Michael Spavor, Michael Kovrig සහ කැනේඩියානු විදේශ අමාත්‍යාංශයට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණ.මෙම නඩුවෙන් Michael Spavor සහ Michael Kovrig චීනයේදී ඔත්තු කටයුතුවල නිරත වූ බව තහවුරු විය. ඒ සමගම චීනය පදනම් විරහිතව හිතුවත්කාර ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බවට කැනේඩියානු රජය කළ ප්‍රකාශය ව්‍යාජ චෝදනාවක් බව ද සනාථ කර තිබේ.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම