පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවය ජූලි 26 වැනිදා ඇර‍ඹේ
2024-03-09 19:22:48
Share with:

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජූලි 26 වන දින දේශීය වේලාවෙන් 19:30 ට ආරම්භ වන බව පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටුව ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කළේය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 වැනිදා දක්වා පැවැත් වේ. පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරිසියේ ඔස්ටර්ලිට්ස් පාලමේ සිට නැඟෙනහිර දෙසින් බටහිරට යාත්‍රා කරන අතර කිලෝමීටර් 6 ක් දුරින් පිහිටි අයිෆල් කුළුණේ අනෙක් පස ට්‍රොකැඩෙරෝ චතුරශ්‍රය වෙත යාත්‍රා කරමින් එහි පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගී වනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම