චීන මාධ්‍ය සමූහයට නව විදේශීය සන්නිවේදන භාෂා 12 ක් එක් කරයි
2024-03-09 16:04:22
Share with:

මේ වසරේ චීන ජාතික සැසිවාර දෙක තුළ, චීන මාධ්‍ය සමූහයේ CGTN විදේශීය සන්නිවේදන භාෂා 68 ට අමතරව නව ජාත්‍යන්තර භාෂා 12 ක් එකතු කර තිබේ. CGTN හි නව භාෂා සමාජ වේදිකාව හරහා තවත් රටවල් සහ කලාපවල සිටින පුද්ගලයින්ට චීනයෙන් ඇසෙන හඬට සවන් දීමට හැකිය.

අලුතින් එකතු කරන ලද භාෂා අතරින්, අප්‍රිකාවේ නව භාෂා 5 ක්, අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ නව භාෂා 3 ක්, මැද පෙරදිග නව භාෂාවක්, ලතින් ඇමරිකාවේ නව භාෂාවක් සහ දකුණු පැසිෆික් කලාපයේ නව භාෂා 2 ක් එකතු කර තිබේ.

විදේශීය සන්නිවේදන භාෂා 80ක් සහිත චීන මාධ්‍ය සමූහය, ලොව පුරා වැඩිම භාෂා සංඛ්‍යාවක් සහිත ජාත්‍යන්තර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම