කාන්තා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පනත් කෙටුම්පත් දෙකක්
2024-03-09 17:01:30
Share with:

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් වික්‍රමසිංහ මහතා කියා සිටී.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට පියවර ගනු ඇත. එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකකයක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා පොලිස් නිලධාරීන් පුහුණු කෙරෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය

 

 

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම