විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ජනවාරියේදී රු කෝටි 14,880ක ප්‍රේෂණ
2024-03-09 17:05:23
Share with:

ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් සපයන විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය ජනවාරි මාසයේදී රුපියල් කෝටි 14,880ක (ඇ.ඩො මිලියන 488ක) මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර තිබේ.

පසුගිය 2023 වසරේ ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 437ක් ලෙස වාර්තා වූ නමුත්, මෙ වසරේ ජනවාරියේදී එය 11.4%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. පසුගිය 2022 වසරේ කැපී පෙනෙන යථාවත් වීමක් වාර්තා කිරීමෙන් පසු විටින් විට සිදු වන උච්චාවචනයන් නොතකා, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පුළුල් පදනමකින් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම