චීනයේ පාරිභෝගික මිල දර්ශකය ඉහළට
2024-03-09 18:55:46
Share with:

ගෙවී ගිය පෙබරවාරි මස පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ සමාන කාලයේ අගයට වඩා සියයට 0.7කින් වැඩි වූ බව චීන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ අතරින් නාගරික පරිභෝගික මිල සියයට 0.8කින් වැඩි වූ අතර ග්‍රාමීය පරිභෝගික මිල සියයට 0.5කින් ඉහළ ගි‍යේය. ආහාර මිල සියයට 0.9කින් අඩු වී තිබේ. ආහාර නොවන භාණ්ඩ මිල සියයට 1.1කින් වැඩි වී ඇත. පරිභෝජන භාණ්ඩ මිල සියයට 0.1කින් පහළ ගිය අතර සේවා මිල සියයට 1.9කින් ඉහළ ‍ගියේය. පසුගිය ජනවාරි මස සිට පෙබරවාරි මස දක්වා වැසියන්ගේ පරිභෝගික මිල පසුගිය වසරේ සමාන කාලයට සමාන වේ.

ගෙවී ගිය පෙබරවාරි මස පරිභෝගික මිල ජනවාරි මස අගයට සියයට එකකින් වැඩි විය. ඒ අතරින් නාගරික හා ග්‍රාමීය පරිභෝගික මිල වෙන් වෙන් ව සියයට 1.1කින් හා 0.9කින් වැඩි වීමක් වාර්තා කරයි. ආහාර මිල සියයට 3.3කින් වැඩි වූ අතර ආහාර නොවන භාණ්ඩ මිල සියයට 0.5කින් ඉහළ ගියේය. පරිභෝජන භාණ්ඩ හා සේවා මිල වෙන් වෙන් ව සියයට 1.1කින් හා එකකින් වැඩි වී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම