14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ සමුළුව පැවැත්වේ
2024-03-08 09:43:16
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ සමුළුව පැවැත්වේ. එය අද (08) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. මෙම රැස්වීමේදී චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව, චීන උත්තරීතර මහජන අධිකරණයේ කාර්ය වාර්තාව සහ චීන උත්තරීතර අභියාචනාධිකරණෙය් කාර්ය වාර්තාව ද විමසා සමාලෝචනය කර ඇත. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා චීන අගමැති ලී ච්‍යං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම රැස්වීමට එක් වූහ.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති Zhao Leji මහතා සමුළුවට වාර්තා කළේ ය. 2023 වසර යනු චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ චින්තනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ පළමු වසර බවත්, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව නීතියට අනුව සිය රාජකාරිය ඉටු කළ පළමු වසර බවත් ඔහු වාර්තාවේ පෙන්වා දුන්නේ ය. ෂී ජින්පිං මහතා කේන්ද්‍රය කරගත් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කාරක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් පැවරී ඇති වගකීම හෘද සාක්ෂියට එකඟව ඉටුකරමින් නව ප්‍රගතිය සහ ප්‍රතිඵල ප්‍රවර්ධනය කර යහපත් ආරම්භයක් ලබා ගත් බව ඔහු පැවසීය.

2024 වසර චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වන සංවත්සරය බවත්,  "14 වැනි පස් අවුරුදු සැලැස්මේ" ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ තීරණාත්මක වසර බවත්, ජාතික මහජන කොංග්‍රසය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය බවත් Zho Leji මහතා සඳහන් කළේ ය. මෙම වසරේ චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය ශක්තිමත් සිදු කරන බවත්, චීන ලක්ෂණ සහිත සමාජවාදී නීති පද්ධතිය වැඩිදියුණු කරන බවත්, අධීක්ෂණය පිළිබඳ කටයුතු ශක්තිමත් සහ ඵලදායීව ඉටු කරන බවත්, චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ඊට පූර්ණ දායකත්වයක් ලබා දෙන බවත්, චීන ජාතික මහජන කොංග්‍රසයේ බාහිර හුවමාරු පුළුල් කරන බවත්, ස්ථාවර කමිටුවේ ඉදිකිරීම් මට්ටම වැඩිදියුණු කරන බවත් හෙතෙම එහිදී පැවසීය.

එමෙන් ම, මෙම රැස්වීමේදී චීන උත්තරීතර මහජන අධිකරණයේ කාර්ය වාර්තාව සහ චීන උත්තරීතර අභියාචනාධිකරණෙය් කාර්ය වාර්තාව ද විමසා සමාලෝචනය කර ඇත.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම