ඊනියා විදේශ සමාගම් චීනයේ ආයෝජනයන් ඉවත්වීම පිළිබඳ ජපාන වාර්තා අසත්‍ය බව චීනය කියයි
2024-03-08 10:31:19
Share with:

ඊනියා විදේශ සමාගම් චීනයේ ආයෝජනයන් ඉවත්වීම පිළිබඳ ඇතැම් ජපාන මාධ්‍ය  වාර්තා අසත්‍ය බව චීනය පවසයි.

ජපානයේ චීන තානාපති කාර්යාලය ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.  2023 වසරේ චීනයේ අලුතින් අයෝජනය කළ සමාගම් සංඛ්‍යාව 53766 ක් වන අතර, එය 2022 වසර‍ට 39.7% වර්ධනයකි. විදේශ ආයෝජන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 1.1 කි. 2022 වසර‍ට සාපේක්ෂව එය 8% කින් අඩු වුවද,  2021 සහ 2022 වසරට පමණක් පහළින් ඉතිහාසයේ තුන් වැනි ස්ථානයට පත්ව ඇත. එම වටිනාකම තවදුරටත් ලොක්යේ ඉදිරියෙන් පවතින බව ජපානයේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේය. මේ අතර, පසුගිය ජනවාරි මස චීනයේ අලුතින්  ආයෝජනය කළ  විදේශ සමාගම් සංඛ්‍යාව 4588 ක් වන අතර, පසුගිය වසරේ සමාන කාලයට වඩා එය 74.4% ක වර්ධනයකි. චීනය අඛණ්ඩව උසස් මට්ටමේ විවෘතභාවය පවත්වා ගනිමින්, විවිධ රටවල සමාගම් චීනයේ ආයෝජනය කිරීමට වඩා වැඩි පහසුකම් සපයනු ඇතැයි ද ජපානයේ චීන තානාපති කාර්යාලය පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම