කාන්තා දින සැමරුමක් බෙයිජිං අගනුවර දී
2024-03-08 11:05:23
Share with:

ස්ත්‍රී -පුරුෂ සමානාත්මතාව උදෙසා වන ගෝලීය ප්‍රයත්නයන්ට සහාය වෙමින් කාන්තාවන් ඇතුළු ලොව වෙසෙන සියලු ජනතාවට වඩා යහපත් ලෝකයක් තැනීම සඳහා ක්‍රියා කරන බව චීනය කියයි. චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා, සමස්ත චීන කාන්තා සම්මේලන සභාපතිනි Shen Yiqin මහත්මිය මේ බව කියාසිටියේ, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් බෙයිජිං අගනුවර ඊයේ (7) පැවති උත්සවයකට එක්වෙමිනි.

ලොව ප්‍රබල රටක් ලෙස චීනය ගොඩනැගීම හා චීන ජාතියේ පුනර්ජීවනය සාක්ෂාත් කිරීම උදෙසා කාන්තාවන් දක්වන දායකත්වය ඇය මෙහිදී සිහිපත් කළාය. එසේම, සෙසු රටවල් සමග එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව උදෙසා වන ගෝලීය ප්‍රයත්නයන්ට සහාය වෙමින් කාන්තාවන් ඇතුළු සියලු දෙනාට වඩා යහපත් ලෝකයක් තැනීමේ අවශ්‍යතාව ද Shen Yiqin මහත්මිය අවධාරණය කළාය.  

චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නිලධාරීන්, රටේ නීති සම්පාකදවරියන් මෙන්ම මේ දිනවල පැවැත්වෙන චීන ජාතික සැසිවාරයන්ට එක් ව සිටින දේශපාලන උපදේශකවරියන් ඇතුළු 1000 කට අධික පිරිසක් මෙම කාන්තා දින සැමරුමට එක්ව සිටියහ. එසේම, රටේ විවිධ ජනවර්ග නියෝජනය කරන කාන්තා නියෝජිතවරියන්, චීනයේ හොංකොං සහ මැකාව් හි  රාජ්‍යතාන්ත්‍රික නියෝජිතවරියන් සහ චීනයේ සේවය කරන විදේශීය විශේෂඥවරියන් පිරිසක් ද ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම