විදේශ ආයෝජන සඳහා චීනයෙන් වැඩි අවස්ථා
2024-03-08 19:54:01
Share with:

එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන කොමිෂන් සභාව නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 දී ගෝලීය සෘජු විදේශ ආයෝජන 18% කින් පහත වී තිබේ. චීනය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නේ සහ විවෘත කිරීම තවදුරටත් පුළුල් කරන්නේ කෙසේද? මේ වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාවෙන් ඊට පිළිතුරු ලැබෙනු ඇත.

විදේශ ආයෝජන දිරිමත් කරන කර්මාන්ත නාමාවලිය පුළුල් කිරීම, විදේශ ආයෝජන සේවා සහතික කිරීම ශක්තිමත් කිරීම, එසේම විවිධ කාර්යන්, අධ්‍යාපන සහ සංචාර යනාදිය සඳහා චීනයට පැමිණෙන විදේශිකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීම සඳහා කාර්යක්ෂමතාවන් පුළුල් කිරීම සිදු කෙරේ. මෙවන් පියවර මාලාවක් මගින්, විදේශ හුවමාරුව පහසු කර ඇති අතර, කාර්මික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට ඔවුන්ට වැදගත් සහතික ලබා දී තිබේ. ඒ පමණක් නොව, නිෂ්පාදන ක්ෂේත්‍රයේ විදේශ ආයෝජන ප්‍රවේශය සීමා කිරීම පුළුල් ලෙස අහෝසි කිරීම, විදුලි සංදේශ සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි සේවාවන් සඳහා වෙළඳපල ප්‍රවේශය ලිහිල් කිරීම යනාදිය, මේ වසරේ චීන රාජ්‍ය කාර්‍ය වාර්තාවේ පළ කෙරිණ.

ජර්මනියේ SIEMENS සෞඛ්‍ය සේවා පිළිබඳ චීන කලාපයේ සභාපතිවරයා පැවසුවේ, පළමු පන්තියේ ව්‍යාපාරික පරිසරයක් සක්‍රීයව ගොඩනැගීමේ චීනයේ මිත්‍රශීලී ආකල්පය, විදේශ ආයෝජනවල චීනයෙහි සංවර්ධනය කෙරෙහි විශ්වාසය වැඩි කර ඇති බවයි.

මෙම පියවර මගින් චීනය සිය විවෘත කිරීම තවදුරටත් පුළුල් කිරීමට ඇති අධිෂ්ඨානය පෙන්නුම් කරන බව ඇමරිකානු Pfizer සමාගමේ චීන කලාපයේ සභාපතිවරයා පෙන්වා දී ඇත. මෙයින් බොහෝ විදේශීය ව්‍යාපාරවලට චීනයේ දිගු කලක් මුල් බැස ගැනීම සඳහා "ශක්තිමත් පෙළඹවීමක්" ලබා දී ඇති බව ඔහු පැවසීය.

ඔවුන් පමණක් නොව, චීනයේ ආයෝජනය කරන සමාගම්වලින් අති බහුතරයක්, චීනය ලෝකයේ පළමු තේරීම හෝ ඉහළම ආයෝජන ගමනාන්තය ලෙස සලකති. විදේශීය ව්‍යාපාරිකයන් අඛණ්ඩව චීනයෙ හි, චීනය වෙනුවෙන්, චීනය සමග වැඩෙනු ඇතැයි ප්‍රංශයේ L’ORÉAL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම