සිය ස්ථාවරත්වය ඔස්සේ ලෝකයට මනා නිශ්චිතභාවයක් තිළිණ කරන චීනය
2024-03-08 10:27:39
Share with:

 චීනය ලෝකය දකින්නේ කෙසේද? චීනය ලෝකය සමග ඇසුරු කරන්නේ කෙසේ ද? මෙවැනි ප්‍රශ්න 21 කට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පිළිතුරු ලබාදෙයි. ඔහු මේ සම්බන්ධයෙන් කරුණු විග්‍රහ කළේ ‍‍‘චීන වාර්ෂික ජාතික සැසිවාර දෙක’ට සමගාමීව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුවේ දී, දැවැන්ත රටවල් අතර සම්බන්ධතා, කලාපීය ගැටලු සහ ගෝලීය පාලනය යනාදී කරුණු පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවේදීන් ප්‍රශ්න නගා තිබිණ. චීනය ඒවාට ලබා දී ඇති පිළිතුරුවලින් බාහිර ලෝකයට පැහැදිලි සංඥාවක් නිකුත් කර ඇත. එනම්, ‘සිය ස්ථාවරත්වය ඔස්සේ ලෝකයට ඉහළ නිශ්චිතභාවයක් සලසා දීමට චීනය උත්සාහ දරමින් සිටී’ යන්නයි.

‘චීනය ලෝක සාමය, ස්ථාවරත්වය හා ප්‍රගතිය පිළිබඳ බලවේගය ලෙස ස්ථිර ව ක්‍රියා කරන’ බවට එහිදී වං යී මහතා දැක්වූ ස්ථාවරය විදේශ මාධ්‍ය විසින් චීන රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ප්‍රකාශනයක් ලෙසට හඳුන්වනු ලැබ තිබේ.

සාමය යනු සැමවිටම ඉහළම ප්‍රමුඛතාව හිමිවන කරුණයි. උණුසුම් ගැටළු සඳහා චීන ලක්ෂණ සහිත විසඳුම් මෙවර මාධ්‍ය හමුවේ දී විග්‍රහ කෙරිණ. එනම්, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, දේශපාලන මාර්ගයෙන් ගැටුම් නිරාකරණය කිරීමෙහි නියැලී සිටීම, සාධාරණ හා යුක්තිසහගත මූලධර්මය අනුගමනය කිරීම මෙන්ම ගැටළුවල මතුපිට ස්වරූපය පමණක් නොව එහි මූලය ද හඳුනාගනිමින් නිරාකරණය කිරීම යි.

ස්ථාවරත්වය, සංවර්ධනයේ පදනම වේ. මාධ්‍ය හමුවේ දී චීන- ඇමරිකා, චීන-යුරෝපා යන දැවැන්ත රටවල් අතර සම්බන්ධතාව පිළිබඳව ද චීන පාර්ශ්වය කරුණු පැහැදිලි කළේය. චීනය හා ඇමරිකාව ‘අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහපැවැත්ම, හා පොදු ජයග්‍රහණ අත්පත් කරගැනීම යන මූලධර්ම සිය සබඳතාවයේ පොදු දිශාව ලෙස සලකා ක්‍රියා කළ යුතු’ බව චීනය කියාසිටී. එසේම, ‘චීනය හා යුරෝපා සංගමය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතා පවත්වන තාක් කිසිදු කඳවුරු විරුද්ධත්වයක් මතු නොවනු ඇත.’ ලොව රටවල් මෙවන් ඍජු හා අවංක ප්‍රකාශ කෙරෙහි සැලකිලිමත්ව සිතා බැලිය යුතු වේ.

ගෝලීය පාලනයට අදාළව ද චීනය ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළේය. එනම් සමානත්මතාවයෙන් යුතු, ලෝක බහුධ්‍රැවකරණය හා පොදු ප්‍රතිලාභ දිනා ගන්නා ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යාමයි.

සංවර්ධනය, ඕනෑම අභියෝගාත්මක දොරටුවක් විවර කළ හැකි රන් යතුරයි. 2023 වසරේ දී චීනය තම 5.2%ක වර්ධන වේගයෙන්, ගෝලීය වර්ධනය සඳහා තුනෙන් එකක දායකත්වයක් කැප කර ඇත. චීන මාදිලියේ නවීකරණය මුළු ලෝකයට සුබසෙත උදා කරමින් පවතින බව ඉන් පිළිබිඹු වේ. ලොවට අපමණ අවස්ථා සපයා දෙන චීනය, කිසිදු රටක් විසින් මගහැර ගත යුතු නැත. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම