නව ගුණාත්මක ඵලදායීතාව සංවර්ධනය යනු සාම්ප්‍රදායික කර්මාන්ත සම්පූර්ණයෙන් අත් හැරීම නොවන බව චීන ජනපති පවසයි
2024-03-08 14:34:34
Share with:

නව ගුණාත්මක ඵලදායීතාව සංවර්ධනය කිරීම යනු, සාම්ප්‍රදායික කර්මාන්ත අත්හැරීම නොවන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. 

 ඔහු එසේ පැවසුවේ පසුගියදා(6) චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 2වැනි සැසිවාරයට එක්ව සිටින එම කමිටුවේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේදීය. 

විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය හා කර්මාන්ත නිර්මාණශීලිත්වය සම්බන්ධීකරණයෙන් ඉදිරියට ගෙන යමින් විද්‍යා තාක්ෂණවලින් ප්‍රායෝගික ප්‍රතිඵල බිහි කිරීමේ හැකියාව ශක්තිමත් කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි. සාම්ප්‍රදායික කර්මාන්ත උත්ශ්‍රේණිගත කිරීම පොළඹවමින් නවාකාර උපායමාර්ගික කර්මාන්ත සංවර්ධනය කළ යුතුය. අනාගතය ඉලක්ක කර ගන්නා කර්මාන්ත ගොඩනගමින් නවීන කර්මාන්ත පද්ධතියේ සංවර්ධනය කඩිනම් කිරීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු එහිදී උපදෙස් දී තිබේ. 

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයින් වශයෙන්, චීන ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් වන චීන කොමින්තාන් විප්ලවීය කමිටුවේ සාමාජිකයෝ, විද්‍යා තාක්ෂණ හා පරිසර සම්පත් ක්ෂේත්‍රවල නියෝජිතවරු එම අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම