ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ ඉල්ලුම්පත්‍රවල විශාලතම හිමිකරුවා චීනය බව ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පවසයි
2024-03-08 10:15:52
Share with:

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ඊයේ (7) ගෝලීය බුද්ධිමය දේපළ පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කළේය. ඒ අනුව සමස්ත පේටන්ට් අයදුම්පත් සංඛ්‍යාව 272,600 ක් වූ අතර එය  පෙර වසරට වඩා 1.8% ක අඩුවීමකි. මෙය වසර 14කට පසු පළමු පහත වැටීම බව එම සංවිධානය කියයි. ඉහළ යන පොලී අනුපාත සහ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් ඊට බලපා තිබේ.

ජාත්‍යන්තර පේටන්ට් බලපත් ඉල්ලුම්පත්‍රවල විශාලතම හිමිකරුවා චීනය වන අතර, ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව සහ ජර්මනිය චීනයට පිටුපසින් සිටී. අයදුම්කරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව,ලොව වැඩිම ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත්තේ චීනයේ  Huawei සමාගම යි. දකුණු කොරියාවේ Samsung සහ ඇමරිකාවේ Qualcomm  සමාගම් පිළිවෙලින් Huawei සමාගමට  පිටුපසින් සිටී.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය හරහා ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර අයදුම්පත්වලින් 55.7% ක් ආසියානු රටවල් සතුවන බව ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Deng Hongsen මහතා පැවසීය. මීට වසර දහයකට පෙර මෙම අනුපාතය 40.5% ක් පමණ වූ බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම