නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට
2024-03-08 19:26:17
Share with:

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. 

විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී මෙතෙක් ගෙවූ රුපියල් පනස් එක් දහසක මුදල රුපියල් තිස් පන්දාහත් හතළිස් දාහත් අතර මුදලකට අඩුකර ඇති බවත් එම මුදලින් පළමුව සියයට 25 ක් ගෙවා ඉතිරි කොටස වාරික දහයකින් හෝ 12කින් ගෙවීමට පහසුකම් සැලසීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.ඒ සඳහා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.සුළු විදුලිබිල් පවතින නිවෙස් වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව ඔවුනට යම් කාලයක් ලබාදීමට තීරණය කර ඇතැයිද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම