හමුදා ශක්තියට අදාළ නව ක්ෂේත්‍රවල උපාය මාර්ගික හැකියාව ඉහළ නැංවීම පිළිබඳ චීන ජනපති ගෙන් උපදෙස්
2024-03-08 11:33:30
Share with:

හමුදා ශක්තියට අදාළ නව ක්ෂේත්‍රවල උපායමාර්ගික හැකියාව ඉහළ නැංවිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ(7) 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ හමුදා හා සන්නද්ධ පොලිස් නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් වෙමිනි.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයේ ඒකාබද්ධ කණ්ඩායමේ සාකච්ඡාවට එක් වීමෙන් පසු ජනාධිපතිවරයා සහභාගී වූ තුන්වැනි සාකච්ඡාව මෙයයි.

හමුදා ශක්තියට අදාළ නව ක්ෂේත්‍රවල උපායමාර්ගික හැකියාව, රටේ උපායමාර්ගික පද්ධතිය සහ හැකියාවේ වැදගත් කොටසක් වන අතර එය චීන ආර්ථික හා සමාජ අධිගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයටත් හමුදාමය වශයෙන් ධනාත්මක ශක්තිය අත්පත් කර ගැනීමේ තීරණාත්මක සාධකයක් බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාවලිය හා ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමේදී එම නව ක්ෂේත්‍රවල උපායමාර්ගික හැකියාව ඉහළ නංවාලීම අතිශය වැදගත් ය.

මේ සඳහා ෂී ජින් පිං මහතා වැදගත් සැලසුම් ඉදිරිපත් කළේය. නව ක්ෂේත්‍රවල උපායමාර්ගික හැකියා සංවර්ධනය පිළිබඳ අදාළ උපාය මාර්ග හා සැලසුම් මනාව ක්‍රියාත්මක කළ යුතුය. එම ක්ෂේත්‍රවල ස්වයං-නවෝත්පාදනය මුළු ශක්තියෙන් ප්‍රවර්ධනය කොට හමුදාමය වශයෙන් නව ධනාත්මක ශක්තිය ඉහළ නැංවිය යුතු අතර එම ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණය වැඩිදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම