සුඩාන ගැටුම විසඳීමට මැදිහත්වන ලෙසට චීනයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ඉල්ලීමක්
2024-03-08 10:56:14
Share with:

සුඩාන ගැටුම වෙනුවෙන් දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

අඛණ්ඩව පවතින ගැ‍ටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවකට හානි සිදුවන අතර සුඩානය බරපතල මානුෂවාදී අර්බුදයකට ලක් කරවන බවද එක්සත් ජාතීන්ගේ චීන වැඩබලන තානාපති දා‍යි බින්ග් මහතා පවසයි. සුඩානයේ බොහෝ ප්‍රදේශවල ගැටුම් උත්සන්න වී තිබේ.හැකි ඉක්මණින් ගැටුම් නතර කිරීම වහාම සිදු කළ යුතුව ඇති කාර්යක් බවද හෙතෙම ඊයේ (7) ආරක්ෂක මණ්ඩලය හමුවේ පැවසීය. තත්ත්වය තවත් වර්ධනය වීම නතර කරන ලෙසට අදාළ සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව දායි බින්ග් මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර ප්‍රජාවට, විශේෂයෙන් සාම්ප්‍රදායික ආධාර රටවලින් සුඩානය හා කලාපයේ රටවල් වෙත ලබා දෙන අධාර අඛණ්ඩව ඉහළ නංවන ලෙසට ඉල්ලා සිටින බව ද චීන නියෝජිතයා කීය. ගැටුම් වැළැක්වීම සඳහා අප්‍රිකා සංගමය, අන්තර් රාජ්‍ය සංවර්ධන අධිකාරිය සහ අසල්වැසි රටවල් සිදු කරන මැදිහත්වීම් චීනය අගය කරයි. එක්සත් ජාතීන් සුඩානය තුළ අඛණ්ඩව ඵලදායී මෙහෙවරක නිරත විය යුතු බව ද එක්සත් ජාතීන්ගේ චීන වැඩබලන තානාපතිවරයා‍ පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම