චීන මහජන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
2024-03-08 19:25:08
Share with:

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන මේජර් ජෙනරල් Zhang Baoqun ගේ ප්‍රධානත්වයෙන් යුත් චීන මහජන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් ඊයේ (07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙම දූත පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරිණ. නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තවද, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ මේජර් ජෙනරල් Zhang Baoqun අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණ.

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම