ස්වීඩනය නිල වශයෙන් නේටෝ සංවිධානයට එක් වේ
2024-03-08 16:28:02
Share with:

නේටෝ සංවිධානයේ ලේඛන ආරක්ෂා කරන රට වන ඇමරිකාවේ රාජ්‍ය ලේකම් Antony Blinken මහතා‍ට ස්වීඩන අග්‍රාමාත්‍ය Ulf Kristersson මහතා ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීමේ ලේඛනය ඊයේ(7) භාර දුන්නේය. ස්වීඩනය නේටෝ සංවිධානයට නිල වශයෙන් එක්වීම ඉන් සංකේතවත් වෙයි. ඒ අනුව ස්වීඩනය නේටෝවේ 32 වැනි සාමාජික රට බවට පත්ව ඇත.

නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය, රුසියාවේ ආරක්ෂාව හා ප්‍රතිලාභයන්ට හානි සිදුවීමක් බව රුසියාව බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර තිබේ. ස්වීඩනයේ ක්‍රියාවට ප්‍රති පියවර ගනිමින් සිය ආරක්ෂාව තහවුරු කරනු ඇති බව රුසියාව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම