අංග සම්පූර්ණ ලෙස ජනතා බලය ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයක් චීනයේ ක්‍රියාත්මකයි
2024-03-08 17:33:32
Share with:

චීනයේ මේ වන විට සැසිවාර දෙක පැවැත්වෙමින් තිබේ. මුලින්ම චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික රැස්වීමත් ඊට පසුව චීන ජාතික මහජන කොංග්‍රසයේ සැසිවාරයත් පැවැත්විණ. චීනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වීම සුවිශේෂ වන අතර චීනයේ උපදේශන ක්‍රියාවලියක්, එම යෝජනා සම්මත කරන ව්‍යවස්ථාදායක ක්‍රමයක්, ක්‍රියාත්මක වීම සොයා බලන ක්‍රමයක් පමණක් නොව පසු විපරම් සිදු කරන ක්‍රමයක් ද ඇත. ඒ අනුව අංග සම්පූර්ණ ලෙස ජනතා බලය ක්‍රියාත්මක වන ජනතා ප්‍රජාතන්ත්‍රවාදයක් චීනයේ පවතින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ආචාර්ය වීරසිංහ මහතා කියා සිටී.

මේ අනුව සැසිවාර දෙක තුළ චීන මහජන දේශපාලන උපදේශක සභාව, චීන කොමියුනිස්ට් පක්ෂයට අමතරව රටේ වෙනත් දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා සංවිධාන 8ක නියෝජිතයින් ඇතුළත්ව සංවර්ධන වැඩපිළිවෙල පොදුවේ සාකච්ඡා කිරීම සිදු කෙරේ. එම උපදෙස් අනුව ජාතික මහජන කොංග්‍රසයේ සැසිවාරයේ 2024 රාජ්‍ය කාර්ය වාර්තාවෙන් ඉලක්ක රාශියක් ඉදිරිපත් කර තිබේ. දළ දේශීය නිෂ්පාදිතය 5%කින් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයකි. අවම වශයෙන් බිලියන 1.4ක චීන ජාතිකයින් හා විශේෂඥයින්ගේ යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම කාර්ය සාධක වාර්තාව සකස් කර ඇත. මේ සියල්ලෙන්ම වැදගත්ම දේ වන්නේ නව ගුණාත්මක නිෂ්පාදන බලවේගයන්හි අවශ්‍යතාව පිළිබඳව ඇති වූ අවධාරනයයි. චීන ආර්ථික වර්ධන වේගය පිළිබඳ සාකච්ඡාවේදී ප්‍රමුඛ කාරණය නම් ප්‍රමාණාත්මක වර්ධනයට වඩා ගුණාත්මක වර්ධනය කෙරෙහි ඇති අවශ්‍යතාවයට අවධානය යොමු කිරීමයි. අළුත් පන්නයේ මේ ගුණාත්මක වර්ධනය සඳහා නිෂ්පාදන බලවේග නවීකරණයෙන් ඉහළ තත්ත්වයකට පත්කිරීමට අවශ්‍ය බව හැගෙන පණිවුඩය මෙවර රාජ්‍ය කාර්ය වාර්තාවෙන් චීන ජනාධිපති, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ෂී ජින් පිං සහෝදරයාගෙන් ලැබී තිබෙන මග පෙන්වීම බව ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

නව ගුණාත්මක නිෂ්පාදන බලවේගයන් රට තුළ ඇති විය යුතුය. ජියැන්සු පළාතෙන් පැමිණි නිලධාරීන් සමග චීන ජනාධිපතිවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීම පසු ගිය දිනෙක සිදු කෙරිණ. ජියැන්සු පළාත ඉහළම චීන දළ දේශීය නිෂ්පාදිත‍යක් ලබා දෙන දෙවැනි පළාත ලෙස සැලකේ. අවම ඩොලර් ට්‍රිලියන 1.78ක දළ දේශීය නිෂ්පාදිතයක් චීන ආර්ථිකයට එමගින් එක් කෙරේ. ජියැන්සු වැනි පළාත් චීනයේ නව නිෂ්පාදනයන් කරා යන ගමනේ පුරෝගාමීන් බවට පත් ඇත.

චීනය මෑතක් වන තුරු ලෝකය දෙස බලමින් කාර්මීකරණය පවත්වාගෙන ගිය ද මෑතක සිට කාර්මීකරණයේ පුරෝගාමීන් බවට පත් ව සිටී. එසේ වීමට හේතුව ඔවුන් විවිධ ක්ෂේත්‍රයන්හි තාක්ෂණයේ සහ විද්‍යාවේ පුරෝගාමීන් වීමයි. කෘත්‍රිම බුද්ධිය, හරිත තාක්ෂණය, නවෝත්පාදනය, පුනර්ජනනීය බලශක්තියේ නවෝත්පාදන මීට බලපා තිබේ. ෂී ජින් පිං ජනාධිපතිවරයා සැසිවාරයට සමගාමීව විවිධ පළාත් හි නි‍යෝජිතයින් මුණගැසී අවධාරනය කළේ නව ගුණාත්මක, නව නිෂ්පාදනයන් ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේ කිරීමේ දී ඔවුන්ගේ පළාතේ පවතින ආර්ථික, තාක්ෂණ, විද්‍යාවේ තත්ත්වය සලකා ඉදිරියට කළ හැකි දේ පිළිබඳව විද්‍යාත්මක ව කරුණු අධ්‍යනය කොට නිෂ්පාදන බලවේගයන් ඉහළ නැංවීමට ක්‍රියා කළ යුතු  බව හෙතෙම අවධාරනය කර ඇත.

සමස්ථ චීනයේ සියළු පළාත්හි ආවේණික ගුණයන් මුල් කොට ප්‍රමාණාත්මක නොව ගුණාත්මක වර්ධනයක් අත්පත් කර ගැනීම චීන ජාතික මහජන කොංග්‍රසයේ හරය වී තිබේ. චීනය තමන්ගේ නිෂ්පාදන බලවේගයන්ගේ ගුණය ඉහළ අවධියකට ගෙන  යමින් එය ලෝකයේ පුරෝගාමී නිෂ්පාදන බලවේගය බවට පත් කරවන බවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අප සාමාජිකයින්ට කිසිඳු සැකයක් නොමැති බවත් ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම් චීන රජය වෙත පිරිනමන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම