අභියෝග මධ්‍යයේ වුවද ඉලක්ක ඉටු කර ගැනීමේ චීනයේ අධිෂ්ඨානය ඉහළයි
2024-03-07 10:45:24
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් ඉලක්ක චීනයට ඉටුකර ගත හැකි ප්‍රායෝගික ඉලක්ක බව පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි. ‍මෙම වසරේ අපේක්ෂිත සියයට 5ක ආර්ථික ඉලක්කය මධ්‍යස්ථ දැරිය හැකි ඉලක්කයකි. පුරවැසියන්ගේ ආදායම් වර්ධනය හා ආර්ථික වර්ධනය සමාන ම‍ට්ටමක පවත්වා ගෙන යාමේ දී මෙවැනි ආර්ථික ඉලක්කයක් උචිත බව ද හෙතෙම කියා සිටී. මේ ආකාරයේ ක්‍රමානුකූල සංවර්ධනයක් තුළින් තවත් දශකයක් ගත වන විට චීනය ලෝකයේ මහ බලවතා බවට පත්වීමේ අවස්ථා ඉතා ඉහළ බවද එස්. බී. දිසානායක මහතා පෙන්වා දෙයි. චීනය අඛණ්ඩව විවෘතභාවය ඉටු කරන බවට ප්‍රතිඥා දී තිබේ. එහිදී එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇත. එම වැඩ සටහන ලෝකයේ තුනෙක් දෙකක පමණ රටවල් හා කලාප ප්‍රමාණයක් ආවරණය කරයි. චීනය සිදු කරන ආයෝජන හරහා එම රටවලට විශාල ආර්ථික ශක්තියක් හිමිවනු ඇති බවද හෙතෙම කියා සිටී. එබැවින් චීනයේ සංවර්ධන ජයග්‍රහණ ලෝකයේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන විශාල ශක්තියක් ලෙසට හඳුන්වා දිය හැකිය.

දෙස් විදෙස් අභියෝගයන්ට මුහුණදීමට සිදු වුවද සමස්තයක් ලෙසට මෙවර රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් කරුණු තුළින් අනාගත ආර්ථික අභිලාෂයන් ඉටුකර ගැනීමේ චීනයේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම