කොළඹ රජය සතු ගොඩනැඟිලි වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබා දීමේ සැලසුමක්
2024-03-07 19:07:43
Share with:

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ පවතින ඌන උපයෝජිත රජය සතු ගොඩනැගිලි සහ ඉඩම් පිළිබඳව සොයා බලා එම ඉඩම් වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපති රනිල් විකමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

එමෙන්ම කොළඹ නගර සීමාව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා රජය මගින් තවදුරටත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළේය.

නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති හා නිර්ණායකයන්ට අනුකූලව කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එම වැඩපිළිවෙළ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයෝජන මගින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම