චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයන් හමුවන චීන ජනපති
2024-03-07 11:36:21
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින සාමාජිකයන් හමුවෙයි.

එම හමුව ඊයේ (6) සවස පැවැත්විණ. එහිදී චීන ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් වන චීන කොමින්තාන් විප්ලවීය කමිටුවේ සාමාජිකයන්, විද්‍යා තාක්ෂණ හා පරිසර සම්පත් ක්ෂේත්‍රවල නියෝජිතයන්ගෙන් සමන්විත සාකච්ඡා කණ්ඩායමට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමග අදහස් හුවමාරු කර ගත්තේ ය. සාමාජිකයන් හය දෙනෙකුගේ දේශනවලට සවන් දීමෙන් පසු ෂී ජින් පිං මහතා වැදගත් ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සාමාජිකයන් ගතවූ වසරේ කාර්යභාරය සපුරා ඇතැයි හෙතෙම එහිදී පැවසීය.

චීන කොමින්තාන් විප්ලවීය කමිටුව චීන කොමියුනිස්ට් පක්ෂයට සමීප, මිත්‍ර පක්ෂයක් ලෙස තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතා සංවර්ධනය වෙනුවෙන් දිගුකාලීන හා පුළුල් දායකත්වයක් ලබා දී තිබේ. මෙවර හමුවේ දී ෂී ජින් පිං මහතා එම පක්ෂය කෙරෙහි තබා ඇති අපේක්ෂාවන් විග්‍රහ කළේය. දෙස් විදෙස් වශයෙන් සහ තායිවාන දූපතේ හා ඉන් පිටත වෙසෙන, සියලු චීන දේශප්‍රේමී බලවේග සමඟ එක්ව ඊනියා “තායිවාන ස්වාධීනත්වය”ට විරෝධය පළ කරමින්, රට එක්සත් කිරීමේ ශක්තිය අඛණ්ඩව තහවුරු කිරීමේ ක්‍රියාදාමය ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපතිවරයා කියාසිටියේය. 

මීට අමතරව, විද්‍යා තාක්ෂණ හා පරිසර සම්පත් ක්ෂේත්‍රවල සාමාජිකයන් වෙත පැවරෙන වගකීම් ද එහිදී ෂී ජින් පිං මහතා පැහැදිලි කළේය. විද්‍යා තාක්ෂණ මෙන්ම නිපුණතා සංවර්ධන පද්ධතිවල ප්‍රතිසංස්කරණ සඳහා සහාය දිය යුතු බවත්, විවිධ නවෝත්පාදන ශක්තීන් හා සැඟවුණු කුසලතා දිරිගැන්වීම සඳහා විද්‍යා තාක්ෂණ තක්සේරු කිරීම් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම පැවසීය. 

එසේම, පරිසර සම්පත් ක්ෂේත්‍රයේ සාමාජිකයන් ජෛව පරිසරය සුරක්ෂිත කිරීම හා මනා ආරක්ෂණයක් සහිත උසස් මට්ටමේ සංවර්ධනයට කැප වී නව ජයග්‍රහණ ලබා ගත යුතු බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම