රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයට
2024-03-07 19:08:27
Share with:

රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික ආයෝජකයන් වෙත ලබා දීමට තීරණය කර ඇත. 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය. එමගින් රජය බලාපොරොත්තු වන මූල්‍ය ආයෝජනය ලබා ගැනීම මෙහි අපේක්ෂාවයි. මේ වන විටත් ආයෝජකයින් හතර දෙනෙකු ඊට ඉදිරිපත් වී ඇත. ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම