මෙම වසරේ මුල් මාස දෙක තුළ චීනයේ වෙළෙඳ භාණ්ඩ ආනයන හා අපනයයේ නව වාර්තාවක්
2024-03-07 17:57:37
Share with:

මෙම වසරේ මුල් මාස දෙක තුළ, චීනයේ භාණ්ඩ වෙළඳාමේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 6.61 ක් බව චීන රේගු පරිපාලන සංඛ්‍යාලේඛන වාර්තා කරයි. එය පසුගිය කාලසීමාවට වඩා 8.7% වැඩි වීමකි. එයින් අපනයනය යුවාන් ට්‍රිලියන 3.75ක් වූ අතර, එය 10.3%න් වර්ධනය විය. ආනයනය යුවාන් ට්‍රිලියන 2.86ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 6.7% වැඩි වීමකි. මෙම මාස දෙක තුළ චීනයේ ආනයන හා අපනයන වෙළඳාමේ පරිමාණය ඉතිහාසයේ නව වාර්තාවක් නිර්මාණය කර ඇති අතර, විදේශ වෙළෙඳාමේ හොඳ ආරම්භයක් සනිටුහන් කර තිබේ.

මේ අතර, චීනය "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධව ගොඩනැඟීමේ රටවලට ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 3.13 ක් විය. එය පසුගිය කාලසීමාවට වඩා 9%න් වර්ධනය වී ඇති අතර, එම අගය චීනයේ මුළු ආනයන හා අපනයන වටිනාකමෙන් 47.3% ක් පමණ බව වාර්තාවේ දැක්වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම