ඇෆ්ගනිස්ථාන රජය සමග විශ්වසනීයත්වයෙන් යුතු සංවාද පවත්වන්නැයි චීනය ජගත් ප්‍රජාවගෙන් ඉල්ලයි
2024-03-07 11:15:01
Share with:

ඇෆ්ගනිස්ථාන රජය සමග නිසි අයුරින් සංවාද පවත්වන ලෙස චීනය ජගත් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උපනියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ, ඇෆ්ගනිස්ථානය සම්බන්ධ ගැටළු පිළිබඳව ආරක්ෂක මණ්ඩලය ඊයේ (06) පැවැත්වූ රැස්වීමට එක්වෙමිනි.

ඇෆ්ගනිස්ථානයේ තාවකාලික රජය බලය අත්පත් කර ගතවූ වසර දෙක හමාරක කාලය තුළ, එරට සමස්ත තත්ත්වයේ  ස්ථාවර පැවැත්මක් දක්නට ලැබෙන බව Geng Shuang මහතා එහිදී පැවසීය. එරට ආර්ථිකය, ජන ජීවිතය සහතික කර ඇති අතර කලාපීය සහයෝගිතා ද අඛණ්ඩ ව පුළුල් වී ඇත. එහෙත්, මානුෂීය වාතාවරණය, ආර්ථික සංවර්ධනය හා ත්‍රස්තවාදී තර්ජන වැනි කරුණුවල දී ඇෆ්ගනිස්ථානය තවමත් දැඩි අභියෝගවලට මුහුණ පා සිටී.

ආරක්ෂක මණ්ඩලය මේ තත්ත්වයට නිසි ප්‍රායෝගික විසඳුම් ලබා දී එරට ස්ථායිතාව සහතික කර ජගත් ප්‍රජාව හා එක් කිරීම සඳහා සිය වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු බව Geng Shuang මහතා කියාසිටී. ඇෆ්ගනිස්ථානය ජගත් ප්‍රජාව කෙරෙහි දක්වන විශ්වාසය තහවුරු කිරීමට ඔවුන් එරට රජය සමග සංවාද පැවැත්විය යුතු බව ද Geng Shuang මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම