චීන විදේශ විනිමය සංචිතයේ ඇ.ඩො බිලියන 6.5ක වර්ධනයක්
2024-03-07 20:04:31
Share with:

චීන ජාතික විදේශ විනිමය පරිපාලනයේ සංඛ්‍යාලේඛනයට අනුව පසුගිය පෙබරවාරි මස අග වනවිට චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 3225.8කි. එය පසුගිය ජනවාරි මස අගයට වඩා සියයට 0.2කින් නොහොත් ඇමරිකානු ඩොලර් බිලියන 6.5කින් වර්ධනය වී ඇත.

ගෙවී ගිය පෙබරවාරි මස තුළ ප්‍රධාන ආර්ථික ඒකකවල සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන, අපේක්ෂිත මුදල් ප්‍රතිපත්ති ඇතුළු බලපෑම් හේතුවෙන් ඇමරිකානු ඩොලර් දර්ශකය ඉහළ ගොස් ඇති අතර ගෝලීය මූල්‍ය වත්කම් මිල වෙනස් වී තිබේ. විදේශ විනිමය අනුපාතය හා වත්කම් මිල වෙනස් කිරීම ඇතුළු සාධක යටතේ පෙබරවාරි මස චීනයේ විදේශ විනිමය සංචිත පරිමාණය වැඩි විය.

චීන‍ ආර්ථිකයේ ශක්‍යතාව, විභවය හා ජවය අඛණ්ඩව ශක්තිමත් කිරීමට විදේශ විනිමය සංචිත පරිමාණය ස්ථීර තත්ත්වයේ පැවතීම උපකාරී වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම