හමුදා ශක්තියට අදාළ නව ක්ෂේත්‍රවල උපාය මාර්ගික හැකියාව ඉහළ නංවා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි
2024-03-07 20:07:46
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ හමුදා හා සන්නද්ධ පොලිස් නියෝජිත කණ්ඩායම අද (7) සවස පැවැත්වූ පූර්ණ රැස්වීමකට ෂී ජින් පිං ජනාධිපතිවරයා එක් විය. එහිදී හමුදා සේවයේ නිරත නියෝජිතයෝ රැසක් අන්තර්ජාලයේ ආරක්ෂක හැකියාව සංවර්ධනය, කෘත්‍රිම බුද්ධිය භාවිතය, අභ්‍යවකාශ සම්පත් කළමනාකරණය, මිනිසුන් රහිතව සටන් කිරීමේ හැකියා සංවර්ධනය ඇතුළු කරුණු පිළිබඳව අදහස් දැක්වූහ.

ඔවුන්ගේ අදහස්වලට සවන් දීමෙන් පසු ෂී ජින් පිං මහතා දේශනයක් පැවැත්වීය. හමුදා ශක්තියට අදාළ නව ක්ෂේත්‍රවල උපාය මාර්ගික හැකියා සංවර්ධනය චීන ජාතිකාරක්ෂාවට මෙන් ම ඉහළ ගුණයෙන් යුත් ආර්ථික හා සමාජීය සංවර්ධනයට ද තීරණාත්මක සාධකයක් බව හෙතෙම එහිදී කියා සිටියේ ය. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාවලිය හා ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමේදී එම නව ක්ෂේත්‍රවල උපාය මාර්ගික හැකියාව ඉහළ නංවාලීම අතිශය වැදගත් බව චීන ජනාධිපතිවරයා වැඩදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම