CGTN මත විමසුමක් අනුව ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%කට වඩා චීනයේ විදේශ ප්‍රතිපත්තිය අගය කරති
2024-03-07 19:19:31
Share with:

චීනයේ ස්වාධීන සහ සාමකාමී රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය ගෝලීය මත විමසුමකට අනුව අගැයීමට ලක් වේ.

මෙම මත  විමිසුම නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනය හරහා CGTN සහ චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලය විසින් සිදු කර තිබේ. ගෝලීය මත විමසුමකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 83.5ක් තරම් ඉහළ ප්‍රමාණයක් චීන විදේශ ප්‍රතිපත්තිය වඩාත් සාධාරණ ලෙස ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි විශ්වාස කළහ. ලොව පුරා ප්‍රතිචාර දැක්වූවන් 31,980ක් සමඟ මෙම සමීක්ෂණය සිදු කර ඇත. ප්‍රතිචාර දැක්වූවන් එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය සහ ජපානය වැනි සංවර්ධිත රටවල්වල මෙන්ම මෙක්සිකෝව, තායිලන්තය සහ නයිජීරියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වල නියැධියකින් ලබා ගෙන ඇත.

මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් සහ සමස්ත මානව වර්ගයාගේම පොදු වටිනාකම් සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පයේ සිට "එක් තීරයක් එක් මාවතක්" මුලපිරීම සහ ගෝලීය මුල පිරීම් තුන දක්වා, චීනය සැමවිටම "පුළුල් උපදේශන," ගෝලීය පාලනය පිළිබඳ දැක්මට අනුගත වී ඇත.

මත විමසුමට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91.1 ක් පසුගිය දශකය තුළ එක් තීරයක් එක් මාවතක්හි පොහොසත් ජයග්‍රහණ ඉතා ඉහළින් අගය කර තිබේ. එම ව්‍යාපෘතිය ලෝකයේ යහපත සඳහා "සංවර්ධන තීරයක්" සහ "සතුට සඳහා මාර්ගයක්" බවට පත්ව ඇති බව ඔවුහු විශ්වාස කළහ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 82.5 ක් විශ්වාස කරන්නේ මානව වර්ගයාගේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පය යහපත් අනාගතයක් ගොඩනැගීමට දිගුකාලීන දිරිගැන්වීමක් ලබා දී ඇති අතර මිනිසාට නිවැරදි මාවත පෙන්වා දී ඇති බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 84.5ක් ගෝලීය සංවර්ධන මුලපිරීමේ කේන්ද්‍රීය සංකල්පයට එකඟ වූ අතර, සංවර්ධනය ගෝලීය ගැටලුවලට විසඳුම මානව සතුට සාක්ෂාත් කර ගැනීම බව විශ්වාස කළහ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 85.6ක් විශ්වාස කරන්නේ ආරක්ෂාව සංවර්ධනය සඳහා පූර්ව අවශ්‍යතාවයක් බවත් සමබර, ඵලදායී සහ තිරසාර ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගීම සඳහා සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බවත්ය.

ගෝලීය පාලනයේ ප්‍රධාන බලවේග දෙකක් ලෙස, චීනය සහ එක්සත් ජනපදය අතර සෞඛ්‍ය සම්පන්න අන්තර් ක්‍රියාකාරිත්වය දෙපාර්ශ්වයේ ජනතාවගේ යහපැවැත්මට මෙන්ම මානව වර්ගයාගේ සහ ලෝකයේ අනාගතයට ඉතා වැදගත් වේ. ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86 කගේ ආකල්පය වන්නේ චීනය සහ එක්සත් ජනපදය අතර සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගැනීමයි අවශ්‍ය බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91.2 ක් විශ්වාස කරන්නේ චීනය-එක්සත් ජනපදය සබඳතා අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන සැලකීම මත පදනම් විය යුතු බවයි. දෙපාර්ශවයම එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන්ට ගරු කළ යුතුය. කිසිම පාර්ශ්වයක සංවර්ධනයක් අනෙකාගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් අහිමි කළ යුතු නැත. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 83.2 ක් එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ චීනයේ උපායමාර්ගික අභිප්‍රායන් වෛෂයිකව හඳුනාගෙන චීනයේ සංවර්ධනය තාර්කිකව තක්සේරු කරන ලෙසයි.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 64.6ක් විශ්වාස කරන්නේ චීනය වගකිවයුතු ප්‍රධාන රටක් බවයි. ගෝලීය පාලනය සඳහා චීනයේ ක්‍රියාකාරී සහභාගීත්වය ජාත්‍යන්තර ප්‍රජාවට නිශ්චිතභාවයක් සහ ස්ථාවරත්වයක් ගෙන දී ඇති බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 65.3ක් විශ්වාස කර ඇත.

14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට සමගාමීව චීනයේ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ සබඳතා පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු ද වන චීන විදේශ ඇමැති වැන්ග් යී මහතා ප්‍රකාශ කළ පරිදි, “සංකීර්ණ සහ අස්ථාවර ජාත්‍යන්තර පරිසරයට මුහුණ දෙන චීනය ලෝකයේ සාමය, ස්ථාවරත්වය සහ ප්‍රගතිය සඳහා ස්ථිරවම බලවේගයක් වනු ඇත. ”

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම