ගාසා තීරයේ ගොඩබිම් ප්‍රවේශය විවෘත කරන ලෙස එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඊශ්‍රායලයෙන් ඉල්ලයි
2024-03-07 11:24:52
Share with:

මානුෂීය ආධාර සැපයීමට පහසුවෙන් ඇතුළු විය හැකි ලෙස සහ දැඩි මානුෂීය අර්බුදය සමනය කිරීමට ගාසා තීරයේ ගොඩබිම් ප්‍රවේශය විවෘත කරන ලෙස ඊයේ(06) එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ය.

එම සංවිධානයට ගාසා හි සියලු වැසියන්ට ප්‍රමාණවත් ආහාර ලබා  දිය හැකි වුව ද ආහාර බෙදා හැරීමේ රථ ඊශ්‍රායල හමුදාව රඳවා ගන්නා බැවින් ගාසා තීරයට ඇතුළු වීමට නොහැකි වූ බව ලෝක ආහාර වැඩසටහනේ හදිසි මෙහෙයුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ Samer AbdelJaber මහතා පැවසීය.

මෑතකදී ගාසා තීරයට සංකේතාත්මක ගුවන් ආධාර පමණක් ලැබුන අතර, ගාසා තීරයේ ජනතාවට ප්‍රමාණවත් සහ තිරසර ලෙස ආහාර සැපයීමට ඇති එකම පහසු මාර්ගය ගොඩබිම් ප්‍රවේශය බවත් හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම