පන්සිය පනස් ජාතක පොත ඉංගිරිසි භාෂාවට පරිවර්ථනය වෙයි
2024-03-07 19:09:45
Share with:

පන්සිය පනස් ජාතක පොත The Revered Book of Five Hundred & Fifty Jataka Stories නමින්  ඉංග්‍රීසි බසට  පරිවර්තනය කර තිබෙ.

මහාචාර්ය රංජිනී ඔබේසේකර මහත්මිය ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් රැසක් මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සඳහා  දායක වී  ඇති අතර ඇම්.ඩී. ගුණසේන  සමාගම එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය.

වසර 18ක සිට පරිවර්තනය කරන ලද පන්සිය පනස් ජාතක පොතේ ඉංග්‍රීසි ග්‍රන්ථය  කාණ්ඩ හතරකින් යුක්තය.

ඇම් .ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණසේන මහතා ජාතක පොතේ ඉංග්‍රීසි පරිවර්තනය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පිළිගැන්වීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම