චීනය යුරෝපීය රටවල් 6ක් සඳහා වීසා රහිත ප්‍රතිපත්තියක් නිවේදනය කරයි
2024-03-07 17:42:44
Share with:

මාර්තු 14 වැනිදා සිට ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් සඳහා වීසා රහිත ප්‍රතිපත්තියක් අත්හදා බලන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද(7) ප්‍රකාශ කළේය.

14 වැනි ජාතික මහජන කොංග්‍රසය, චීනයේ ජාතික ව්‍යවස්ථාදායකයේ දෙවන සැසිවාරයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, දේශසීමා සංචාර සඳහා වේගවත් ජාල ගොඩනැගීමට සහ ජාත්‍යන්තර මගී ගුවන් ගමන් කඩිනමින් නැවත ආරම්භ කිරීම දිරිගැන්වීමට සූදානම් බවයි.

වඩා ඉහළ ප්‍රමිතියකින් යුත් නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රවර්ධනය කිරීම, ගෝලීය වශයෙන් නැඹුරු වූ නිදහස් වෙළඳ ක්ෂේත්‍ර ජාලය පුළුල් කිරීම සහ ගෝලීය කාර්මික, සැපයුම් සහ දත්ත දාමයන් ස්ථාවරව සහ බාධාවකින් තොරව තබා ගැනීමට අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වැන්ග් යී මහතා මෙහි දී පොරොන්දු වී ති‍බේ.

ලොව පුරා සිටින ආයෝජකයින් සහ හවුල්කරුවන්ට අපේක්ෂාවන් මෙන්ම දිගුකාලීන ප්‍රතිලාභ ලබා දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතා වේදිකා හොඳින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතී. නීතියෙන් පාලනය වන සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෙළඳපල මූලධර්ම මත පදනම් වූ ව්‍යාපාරික පරිසරය ප්‍රශස්ත කිරීමට සැලසුම් කර ඇති බව වැන්ග් යී මහතා වැඩිදුරටත් පැවසීය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම