විශිෂ්ට කාර්මික ශිල්පීන් චීන ජාතියේ කේන්ද්‍රීය පදනම බව චීන ජනපති පවසයි
2024-03-07 18:08:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 5වනදා 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2 වැනි සැසිවාරයේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් විය. එහිදී ෂී ජින් පිං මහතා හා විද්‍යුත් පෑස්සුම්කරුවෙක් වන නියෝජිත Sun Jingnan අතර අදහස් හුවමාරු කර ගැණින. Sun Jingnan පැවසුවේ සාම්ප්‍රදායික මගී දුම්රිය සිට උමන් දුම්රිය හා අධිවේගී දුම්රිය දක්වා කාල පරාසයේ තමන් වැනි ජ්‍යෙෂ්ඨ දුම්රිය සේවකයන් චීන දුම්රිය ප්‍රවාහන කර්මාන්තයයේ දැවැන්ත විපර්යාසයන් සියැසින් දුටු බවයි.

විශිෂ්ට කාර්මික ශිල්පීන් චීන ජාතියේ කේන්ද්‍රීය පදනම වන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය. ප්‍රවාහන කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් ඔවුන් වැදගත් දායකත්වයක් දරා තිබේ. නිර්මාණය කෙතරම් උසස් වුවද, පෑස්සුම්කරුවන් විසින් එය ක්‍රියාවට නැංවිය යුතු බව හෙතෙම කීය. විශිෂ්ට හැකියාවන්ගෙන් තොරව විශිෂ්ට නිර්මාණයන් බිහි නොවේ. වෘත්තීය අධ්‍යාපනය යහපත් ලෙස වර්ධනය කරමින් කාර්මික ශිල්පීන්ගේ ජීවගුණය උරුම කරගනිමින්  ඔවුන්ගේ ආදායම් හා සුබසාධන සහතික කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම