චීන දූපත් අල්ලා ගැනීමේ පිලිපීනයේ නීති විරෝධී සැලැස්ම හෙළිදරව් වෙයි
2024-03-06 21:31:29
Share with:

පිලිපීනය ඊයේ(5) නැවත වරක් චීනයේ Nansha දූපත් සමූහයේ Ren’ai ගල්පරය ආසන්න මුහුදු ප්‍රදේශවලට ආක්‍රමණය කර,  නීතිවිරෝධී ලෙස නැංගුරම් ලා ඇති තම යුද නැව් වෙත ඉදිකිරීම් ද්‍රව්‍ය ආදිය ප්‍රවාහනය කර තිබේ.

චීනය විසින් නිකුත් කරන ලද වීඩියෝවෙන් මේ බව පැහැදිලිව දැකගත හැකිය. පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රා අංක 4407 චීනයේ අඛණ්ඩ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් අනතුරුදායක ලෙස ළඟා වී සාමාන්‍ය පරිදි යාත්‍රා කරමින් සිටි අංක 21555 දරන චීන වෙරළාරක්ෂක යාත්‍රාවේ ගැටී සුළු අනතුරකට භාජනය විය. චීන වෙරළාරක්ෂක බලකාය නීතියට අනුකූලව පිලිපීන නැව්වලට එරෙහිව අවශ්‍ය පාලන පියවර ගත් අතර, ස්ථානීය මෙහෙයුම් වෘත්තීයභාවයෙන්, සංයමයෙන්, සාධාරණ සහ නීත්‍යානුකූලව සිදු කර ඇත.

වීඩියෝ දර්ශනයන්ගෙන් මෙහි සත්‍යය සිදුවීම දැකගත හැකිය. දකුණු චීන මුහුදේ බාධා සහ ප්‍රකෝප කිරීම් ඇති කරමින් කලාපීය සාමය අනතුරේ හෙළන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කරුණු පැහැදිලිය.

චීන දකුණු මුහුදේ දූපත් සහ ගල්පර ආක්‍රමණය කිරීමේ අභිලාෂය ඉටු කර ගැනීම සඳහා, පිලිපීනය අවම වශයෙන් ක්‍රම තුනක් භාවිතා කර ඇත: පළමුව, පිලිපීනය ජාත්‍යන්තර ප්‍රජාව ව්‍යාකූල කිරීම සඳහා ව්‍යාජ තොරතුරු ගොතන අතර තමා ගොදුරක් ලෙස වෙස්වලා ගෙන තිබේ. කෙසේ වෙතත්, චීනය අදාළ වීඩියෝ නිකුත් කිරීමෙන් පසුව, සත්‍යය අවබෝධ වූ අතර, ජගත් ප්‍රජාව හරි වැරැද්ද පිළිබඳව වඩාත් දැනුවත් විය.

දෙවැන්න, මෙම වසරේ පෙබරවාරියේදී, පිලිපීන සෙනෙට් සභාව විසින් ඊනියා "මුහුදු ප්‍රදේශ පනත" සම්මත කරන ලද අතර, චීනයේ Huangyan දූපත, Nansha දූපත් සමූහයේ සහ ඒ ආශ්‍රිත සමුද්‍ර ප්‍රදේශවලට නීති විරෝධී ලෙස බොහෝ දූපත් සහ ගල්පර ඇතුළත් කර ගෙන තිබිණ. මෙම තීන්දුව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය සහ අනෙකුත් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන අතර, එය නීති විරෝධී සහ වලංගු නොවේ.

තෙවනුව, නව පිලිපීන රජය රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක ක්ෂේත්‍රවල එක්සත් ජනපදය සමඟ නිතර අන්තර් ක්‍රියා කරයි. පිලිපීනය ප්‍රකාශ කර ඇත්තේ චීනයට එරෙහිව නව ජාත්‍යන්තර නඩුවක් දියත් කරන බවයි. රටකට අත්තනෝමතික ලෙස වෙනත් රටක භූමිය ජාත්‍යන්තර බේරුම්කරණයට යටත් කළ හැකි නම් ලෝකය කෙබඳු වනු ඇත්ද? පිලිපීනය කොයිතරම් නඩු මගට ආවත් එය කුණු කඩදාසියක් පමණක් වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම