චීන ජ්‍යෙෂ්ඨ නායකයින් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියේ සාකච්ඡාවලට එක්වෙයි
2024-03-06 15:05:13
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ සාකච්ඡාවලට චීනයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන Li Qiang, Zhao Leji, Wang Huning, Ding Xuexiang, Li Xi සහ Han Zheng ඇතුළු මහත්වරු ඊයේ(05) සහභාගි වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ රාජ්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා යුන්නාන් පළාතේ නියෝජිතයන් හමුවෙමින් කියාසිටියේ ජාතික උපායමාර්ගික සැලැස්මට කලාපීය සංවර්ධනය වඩාත් හොඳින් එකාබද්ධ වීමට යුන්නාන් පළාත සිය වාසි සහ ලක්ෂණ සම්පූර්ණයෙන් භාවිත කළ යුතු බවයි.

සිචුවාන් පළාතේ නියෝජිතයන් සමග සාකච්ඡාවට එක්වෙමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා මධ්‍යම කාරක සභාවේ තීරණ සහ විධිවිධාන ඒ අයුරින්ම අනුගමනය කරන ලෙසත්, සැබෑ තත්ත්වය අනුව චීන නවීකරණය ප්‍රවර්ධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය. ‍

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ සහ විධිවිධාන පුළුල් අයුරින් ක්‍රියාවට නංවමින් චීන නවීකරණය ඉදිරියට ගෙන යාමට කැප වී කටයුතු කළ යුතු යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතා Guizhou පළාතේ නියෝජිතයින් සමග පැවති සාකාච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම