කතානායකට එරෙහි විශ්වාසභංගය කතානායක අතට
2024-03-06 17:14:54
Share with:

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව කතානායකයා විසින් භාර ගෙන තිබේ. ඊට අත්සන් තැබීම ඊයේ (මාර්තු 5) සිදු කෙරිණ.

කතානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග “අමු අමුවේ උල්ලංඝණය කර ඇති බවත්” ඔහු පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පැහැදිලිව ම ප්‍රදර්ශනය කරමින් කතානායක ධූරයේ ස්වාධීනත්වය ද, ගෞරවය ද, කෙලෙසා ඇති බවත් යෝජනාව මගින් පෙන්වා දී ඇත. ඊට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය වන පරිදි අත්සන් 44ක් යොදා තිබිණ.

විශේෂයෙන් ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනි ලෙස ආණ්ඩු පක්ෂයට එම පනත් කෙටුම්පතේ යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ඉඩ ලබාදීමට කථානායකවරයා කටයුතු කළ බව ද එහි සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම