ගාසා තීරයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නැයි චීනය ජගත් ප්‍රජාවගෙන් ඉල්ලයි
2024-03-06 09:52:10
Share with:

පලස්තීන ගාසා තීරයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීම පිළිබඳ කෙටුම්පත ඇමරිකාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (5) යළි රැස්වීමක් පැවැත්වීය.

ගාසා තීරයේ යළි ගැටුම් ඇති වී ගෙවී ගිය මාස 5 ක කාලය තුළ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සටන් විරාම ප්‍රයත්නවලට සිව් වතාවක් ඇමරිකාව බාධා කර ඇතැයි එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Geng Shuang මහතා එහිදී පැවසීය. මේ සම්බන්ධයෙන් චීනය දැඩි කනස්සල්ල පළ කරන බව ද හෙතෙම පැවසීය.නිෂේධ බලය අයුතු ලෙස භාවිත කරමින් ඇමරිකාව ආරක්ෂක මණ්ඩලයේ පොදු එකඟතාව විනාශ කර ඇත. එය ජගත් ප්‍රජාවේ පුළුල් අප්‍රසාදයට ලක් ව ඇතැයි ද Geng Shuang මහතා ප්‍රකාශ කළේය.

ගාසා තීරයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ජගත් ප්‍රජාව අතිසංවේදී හැඟීමකින් හා අධිෂ්ඨානයකින් යුතුව කඩිනම් සටන් විරාමයක් සඳහා අදාළ පාර්ශ්ව පොළඹවමින් ගැටුම් අවසන් කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම