පෙබරවාරි මාසයේ ගෝලීය මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය නිකුත් කෙරේ
2024-03-06 10:52:33
Share with:

පෙබරවාරි මාසයේ ගෝලීය මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය 49.1% ක් වූ අතර, එය පෙර මාසයට වඩා 0.2% කින් පහත වැටී ඇතැයි චීන භාණ්ඩ ප්‍රවාහන සහ ගැනුම් සම්මේලනය පවසයි.

එම සම්මේලනය අද(6) නිකුත් කළ නවතම දත්තවලට අනුව එය අඛණ්ඩ මාස දෙකක් තිස්සේ 49% ට වඩා ඉහළින් ස්ථාවරව පවතින අතර පසුගිය වසරේ සිව්වන කාර්තුවේ සාමාන්‍ය මට්ටම වන 47.9% ට වඩා වැඩි ය.

මෙම දර්ශකයේ වෙනස්වීම් සලකා බැලීමේ දී වසරේ මුල් මාස දෙක තුළ, ගෝලීය නිෂ්පාදන කර්මාන්තය ප්‍රකෘතිමත් වීම සාපේක්ෂව ස්ථාවර වූ නමුත් තවමත් අඩු වර්ධන රටාවක් පෙන්නුම් කරයි.

ගෝලීය ආර්ථිකය මේ වනවිටත් අඩු වර්ධන ප්‍රවණතාවක පැවතීමට ප්‍රධාන හේතුව, භූ දේශපාලනික ගැටුම් විසින් ගෝලීය කාර්මික හා සැපයුම් දාමයන්ට අඛණ්ඩව එල්ල කෙරෙන බාධා නිසා ගෝලීය වෙළඳාම යම් ප්‍රමාණයකට අවහිර වීම බව විශේෂඥයෝ පෙන්වාදෙති. මීට අමතරව, ගෝලීය ආර්ථිකයට වෙළඳ ගැටුම්වල බලපෑම ද නොකඩවාම පවතී. 2024 වසරේ දී ගෝලීය ආර්ථික වර්ධනය 3% ක පමණ මට්ටමක පවතිනු ඇතැයි පොදුවේ විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම