දකුණු සුඩානයේ දේශපාලන ක්‍රියාවලියට සහාය ලබාදෙන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2024-03-06 11:04:03
Share with:

දකුණු සුඩානයේ දේශපාලන ක්‍රියාවලියට ඵලදායී සහාය ලබාදෙන ලෙසට චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩා‍යමේ වැඩබලන ප්‍රධානී Dai Bing මහතා ඊයේ (5) ආරක්ෂක මණ්ඩලයේ අදාල රැස්වීමේදී මේ බව පැවසීය.

රටේ දේශපාලන සංක්‍රාන්තිය සහ මහ මැතිවරණ පැවැත්වීම ප්‍රවර්ධනය කිරීමේදී දකුණු සුඩානය මේ වන විට දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රජාව ඉවසිලිවන්තව දකුණු සුඩානයේ ස්වෛරීත්වයට සහ ස්වාධීනත්වය‍ට ගරු කරමින් එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකිය යුතු ය. එසේ නොවුනහොත් දකුණු සුඩානයේ දිගුකාලීන සාමයට හිතකර නොවී නව කැලඹීම් ගෙන දිය හැකි බව Dai Bing මහතා අවධාරණය කළේය.

දකුණු සුඩානය සහ සෙසු අප්‍රිකානු රටවල ඉල්ලීම්වලට අනුව, දකුණු සුඩානයට එරෙහි සම්බාධක හැකි ඉක්මනින් ඉවත් කිරීමට ක්‍රියා කරන ලෙසට ද  ඔහු එහිදී ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය. කලාපීය ආරක්ෂාව සහතික කිරීම හා අදාළ අසල්වැසි ර‍‍ටවලට ඇති වන බලපෑම අවම කිරීම සඳහා, මානුෂීය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාව දකුණු සුඩානයට සහාය ලබා දිය යුතු බව Dai Bing මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම