කලාපීය අනන්‍යතාවන්ට ගැලපෙන අයුරින් නව ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2024-03-06 11:53:14
Share with:

කලාපීය අනන්‍යතාවට ගැලපෙන පරිදි නව ගුණාත්මක ඵලදායිතාව සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා මේ බව පැවසුවේ, මේ දිනවල පැවැත්වෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායම සමග ඊයේ (05) සවස පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

නව ගුණාත්මක ඵලදායිතාව යනු නවෝත්පාදනය කේන්ද්‍ර කරගත්, සුපුරුදු ආර්ථික වර්ධන ක්‍රමවේදය හා ඵලදායිතා තහවුරු කිරීමේ පද්ධතිය අත්හැර දැමීමකි. නව සංවර්ධන සංකල්පයට සරිලන මෙය විද්‍යා හා තාක්ෂණ, කාර්යක්ෂමතා හා ගුණාත්මකභාවය පිළිබඳව උසස් මට්ටමේ හඳුන්වා දීමකි.

ෂී ජින්පිං මහතා නව ගුණාත්මක ඵලදායිතාවෙන් ඉස්මතු වන නවෝත්පාදනය සහ අධිගුණාත්මක භාවය පිළිබඳව මීට පෙර ද කරුණු විග්‍රහ කර ඇත. මේ සම්බන්ධයෙන්, ඊයේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවලට එක් වූ අවස්ථාවේ දී හෙතෙම අවධාරණය කළේ සැබෑ තත්ත්වයන් මත පදනම් ව මෙහෙයුම් ක්‍රියාවට නැංවිය යුතු බවයි.

රට පුරා විවිධ මට්ටම්වල පරිපාලනයන් සිය සැබෑ තත්ත්වයන්ට සරිලන අයුරින්, පැරණි ක්‍රමවේද අත්හැර නව ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ප්‍රාදේශීය සම්පත්, කාර්මික, හා විද්‍යාත්මක පර්යේෂණ තත්ත්ව සලකා බලමින් නව මාදිලි හා නව කර්මාන්තවල උසස් පැවැත්ම සහතික කළ යුතු ය. එසේ ම, නව තාක්ෂණික ක්‍රමවේද යාවත්කාලීන කර, සාම්ප්‍රදායික කර්මාන්තවල සංවර්ධනය තහවුරු කළ යුතු බවට ද ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම