චීනය දැඩි උත්සාහයෙන් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කයට ළඟා වීමේ සැලසුමක
2024-03-06 17:24:47
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේ මාධ්‍ය හමුවක් අද(6) පැවැත්විණ. සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය, මූල්‍ය අයවැය, මුදල් ප්‍රතිපත්ති, වාණිජ හා මූල්‍ය කොටස් ඇතුළු කරුණු පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවාදීන්ගේ ප්‍රශ්නවලට අදාළ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් පිළිතුරු ලබා දී තිබේ.

චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධානී Zheng Shanjie මහතා එහිදී පැවසුවේ සියලු කරුණු සලකා බැලීමෙන් පසු මේ වසරේ සියයට 5ක් චීන ආර්ථික වර්ධන අපේක්ෂිත ඉලක්කයට පත් කරන බවයි. 14 වැනි පස් අවුරුදු සැලැස්මේ අවශ්‍යතාවට හා ආර්ථික වර්ධන විභවයට ගැළපෙන එම ඉලක්කය, දැඩි උත්සාහයෙන් සාක්ෂාත් කළ හැකි ඉලක්කයක් බව හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම