ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව අද(6) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යනාදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට අපේක්ෂා කෙරේ. හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවද පැවසු වික්‍රමසිංහ මහතා අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බව ද කියා සිටියේය.
තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යළි පිබිදීම ඇරඹුන බවත් 2024 දී 2%- 3% ක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති බවත් පැවසීය.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී රාජ්‍ය ආදායම 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකි විය. එමෙන්ම පසුගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට ද හැකි වූ බව පැවසූ වික්‍රමසිංහ මහතා උද්ධමනය පහත වැටීමත් සමග 2023 වසරේ දී 30% ඉක්ම වූ පොලී අනුපාත 10%කට වඩා අඩු අගයකට ගෙන ඇති බවද පැවසීය.