චීනයේ ශක්ති සම්පන්න ආර්ථික දැක්ම සමස්ත ලෝක ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නොවේ -පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
2024-03-05 15:53:04
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයේදී චීනය සිය කාර්ය සාධක වාර්තාවෙන් ඉදිරිපත් කරන ලද චීන අනාගත කාල රාමුව සඳහා වන ඉලක්ක සමස්ත ලෝකයටම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම, රැකියා වියුක්තිය අවම කිරීම මෙන්ම කාබන් අවම ප්‍රවාහන කර්මාන්තය දියුණු කිරීම අතුළු චීනයේ ශක්ති සම්පන්න ආර්ථික දැක්ම මුළු ලෝක ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නොවේ. තුන් වන ලෝකයේ රටවලට දිගුකරන චීන මිත්‍රත්වයේ හස්තය අප වැනි රටවලට ඉදිරියට යාමට ඉතිහාසය පුරාත්, වර්තමානයේ මෙන්ම විශේෂයෙන් අනාගතයේ දී ඉතා වැදගත් වන බව හෙතෙම කියා සිටී. 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සැසිවාර දෙක වෙනුවෙන් චීන ජනතාව වෙත සහ චීන මහජන කොංග්‍රසය වෙත උණුසුම් සුබ පැතුම් එක් කරන අතර චීන ජනතාවගේ ගුණාත්මක ඵලදායීතාව වැඩි දියුණු කොට ආර්ථික සංවර්ධන ජයග්‍රහණ සමස්ත ලෝකය වෙත බෙදා ගැනීමට හැකි වේවා යැයි සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම