දේශීය ඉල්ලුම පුළුල් කිරීම සහ ආර්ථිකයේ යහපත් චක්‍රයක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි චීනයේ අවධානය
2024-03-05 11:31:32
Share with:

 2024 වසරේ දී චීනය දේශීය ඉල්ලුම පුළුල් කිරීමට අවධානය යොමු කරන අතර, සමස්ත පරිභෝජනය සහ ආයෝජන වඩා යහපත් ලෙස සැලසුම් කරන බව චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි එල්ල කෙරෙන ගාමක බලය වැඩිදියුණු වනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වසරේ මධ්‍යම අයවැයෙන් චීන යුවාන් බිලියන 700 ක් ආයෝජන සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත. පුද්ගලික ආයෝජන ස්ථාවර කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධාන ව්‍යාපෘති සංවර්ධනය සඳහා පුද්ගලික හා රාජ්‍ය නොවන අංශවල ප්‍රාග්ධනය යොදාගැනීම දිරිමත් කරන බව ද රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම