චීනය වෙනත් රටවල් සමග සැසදීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද..?
2024-03-05 21:26:20
Share with:

ලොව 2වන විශාලම ආර්ථිකය හිමි කරගැනීමෙන් පසු චීන ආර්ථිකය නිරන්තරයෙන් ගෝලීය මට්ටමේ කතාබහට ලක් ව තිබේ. මෑතකදී චීනයේ හා ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයන් එකට සසඳමින් චීන ආර්ථිකය පිරිහෙමින් පවතින බවට ඇතැමුන් මතයන් පළ කර ඇත. එම මත සැබවින්ම නිවැරදි ද ?

 රටවල් දෙකක දළ දේශීය නිෂ්පාදිත සැසඳීමේදී ඊට බල පාන්නේ එම රටවල් දෙකේ භාණ්ඩ මිළ ගණන් හා විදේශ විනිමය අනුපාත වැනි සාධක ය.එම සාධක පිටුපසින් අදාළ රටවල් අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්ති සලකා බැලිය යුතු ය.නිදසුනක් වශයෙන් ගතහොත් ගෙවුණු වසර 3 තුළ ඇමරිකානු රජය ‍රැඩිකල් මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් එරට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන අතර ඇමරිකාව ඉහළ උද්ධමනයට ඇද දමා තිබේ.එමෙන් ම ‍ගත වූ දෙවසර තුළ ඇමරිකාව 11 වතාවක් බැංකු පොලි අනුපාතික ඉහළ දමා ඇති බැවින් ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ ගොස් ඇත. මෙවන් පසුබිමක චීනය හා ඇමරිකාව සැසඳීමෙන් චීන ආර්ථිකය මන්දගාමීත්වයට පත් වෙමින් තිබෙන බව කීම 100%කින් නිවැරදි නැත.

 චීනය ඇමරිකාව සමග පමණක් නොව බ්‍රසීලය හා ආර්ජන්ටිනාව වැනි මධ්‍ය ආදායම්ලාභී රටවල් සමග ද සසැඳීමට ඇතැමුන් උනන්දු වන බව පෙනේ. ගෝලීය ආර්ථිකය පහළ යමින් පවතිද්දී එම මධ්‍ය ආදායම්ලාභී රටවල් මුහුණ දී සිටින්නේත් මන්දගාමී සංවර්ධන තත්ත්වයකට ය. චීන ආර්ථික දත්ත උපුටා දක්වමින් චීනය එම රටවල් මෙන්ම ඉහළ යාම වෙනුවට පහළ යාමට නැඹුරු වෙමින් සිටින බව ඇතැමුන් පවසයි. ඒත් මේ වන විට චීනය ‍ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4කට වැඩි භාණ්ඩ වෙළඳ වටිනාකම හිමි ලොව පළමු රට වන අතර ලොව විශාලම භාණ්ඩ වෙළඳාම් කරන රට බවට පත්ව තිබේ.චීනය ඉහළ ආදායම්ලාභී රටක් වීමට තව ඇත්තේ කෙටි කාලයක් පමණි.

 ජනගහණය අතින් ඉන්දියාව සමග ද , ආර්ථික ධාරිතාව අතින් ඇමරිකාව සමග ද ,ආර්ථික වර්ධන වේගය අතින් වියට්නාමය සමග ද චීනය සැසඳීමට ඇතැමුන් සැමවිටම උත්සුක වේ. ඒත් මෙලෙසින් විවිධ නිර්ණයන් අනුව චීනය අනිත් රටවල් සමග සැසඳීමෙන් ඇති වන ඵලය කුමක් ද ? මෙලෙසින් සැසඳීමෙන් සිදු කළ නිගමනයන් සැබවින් ම නිවැරදි ද ?

 චීන ආර්ථිකය පිරිහෙමින් පවතින බවට මත පළ කළ ඇතැමුන් දෙස බලන විට ඔවුන්ගෙන් දෙදෙනකු කැපී පෙනේ.ඇමරිකාවේ Johns Hopkins විශ්වවිද්‍යාලයේ Hal Brands සහ Tufts විශ්වවිද්‍යාලයේ Michael Beckley යන මහාචාර්යවරුන් වන එම දෙදෙනා ආර්ථික ක්ෂේත්‍රය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති, කලින් ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ජාතිකාරක්ෂක ආයතනවල සේවය කර ඇති දේශපාලන විද්වතුන් ය. මෙවැනි විද්වතුන් පළ කළ මතයන් සම්පූර්ණයෙන් විශ්වාස කර පිළි ගැනීම ඥාණාන්විතද..?

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම