නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ජනපති පවසයි
2024-03-05 15:44:26
Share with:

රට දියුණු කළ හැකි නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් සකස්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නීතියට මුවාවී රට අරාජික කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවය.

රට ඉදිරියට ගෙන යාමට ආර්ථිකය පරිවර්තනයකට ලක් කල යුතුය. එහිදී දේශීය ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කළ යුතු බවත් තරගකාරී අපනයන ආර්ථිකයකට යා යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඩිජිටල් සහ හරිත ආර්ථිකයකට යොමු වීමේ අවශ්‍යතාව මෙන්ම නව ආර්ථික වැඩසටහන වෙනුවෙනුත් නව නීති හඳුන්වා දීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කර ඇත.

දැනට රජය පසුගිය මාස 14ක කාලය තුළ නීති 42ක් යෝජනා කර පාර්ලිමේන්තුවේ දී සම්මත කොට තිබේ. එය වාර්තාවකි. ඊළඟ වසර කිහිපය තුළ අලුත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අලුත් නීති පද්ධතියක් එන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම