ඉහළ මට්ටමේ ස්වයං-ස්වාධීනත්වය සහ ස්වයං-දියුණුව වේගවත් කළ යුතු බව චීන රාජ්‍ය කාර්ය වාර්තාව කියයි
2024-03-05 11:00:30
Share with:

2024 වසරේ දී චීනය ඉහළ මට්ටමේ ස්වයං-ස්වාධීනත්වය සහ ස්වයං-දියුණුව කඩිනම් කොට ස්වයං-නිර්මාණශීලීත්ව හැකියාව සම්පූර්ණයෙන් ඉහළ නංවා ගත යුතු බව රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දී තිබේ.

කේන්ද්‍රීය තාක්ෂණයන් ප්‍රවර්ධනය කොට ඉදිරි පෙළ තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කළ යුතු බව ද එහි දක්වා ඇත. විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන ක්ෂේත්‍රයේ ව්‍යවසායයන්ගේ ප්‍රමුඛතාව තවදුරටත් ඉස්මතු කෙරේ. විශේෂයෙන් සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාර ඇතුළු ජනතා ජීවනෝපායන්ට අදාළ විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධනය සහ භාවිතය තහවුරු කළ යුතු ය. එසේම, ජාත්‍යන්තර විද්‍යා සහ තාක්ෂණික හුවමාරු හා සහයෝගිතා පුළුල් කළ යුතු බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම