චීනයේ නව සංවර්ධනයෙන් ලෝකයට නව අවස්ථා ජනිත වෙයි
2024-03-05 21:06:13
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසය වෙත චීන රජය අද(5) ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව ලොව අවධානයට ලක් විය. ඉන් 2024 වසරේ චීන ආර්ථික සංවර්ධන ඉලක්ක හා මාර්ග සිතියම පිළිබඳ බොහෝ ජාත්‍යන්තර ආයෝජකයන් පැහැදිලි අවබෝධයක් ලබා ගෙන තිබේ.

වත්මන් ලෝක ආර්ථික වර්ධන ගාමක බලවේගය අප්‍රමාණ වේ. මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය පිළිබඳ බොහෝ ජාත්‍යන්තර ආයතනවල අපේක්ෂිත ඉලක්ක අනුපාතය සියයට 3කටත් අඩු ය. මේ වසරේ චීනය දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ සියයට 5ක වර්ධනයක් අපේක්ෂා කරයි. ඉන් ලෝකයට සක්‍රිය පණිවුඩයක් ගෙන එයි. එම ඉලක්කයෙන් චීනය 2035 වසරේ මූලික වශයෙන් නවීකරණය සාක්ෂාත් කිරීමට උපකාරි වන බව බොහෝ විදේශ මාධ්‍ය වාර්තා කළේය. මෑත වසර කිහිපය තුළ සංවර්ධිත රටවල ආර්ථික වර්ධන අනුපාතය සියයට 2ත් 3ත් අතර මට්ටමට පත්ව තිබේ. චීනය සියයට 5ක ආර්ථික වර්ධන අනුපාතයක් ඉලක්ක කිරීම මගින් ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය වෙනුවෙන් චීන සහයෝගයේ අධිෂ්ඨානය හා උත්සාහය පිළිබිඹු වේ.

නවීකරණ පද්ධතිය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම, විද්‍යාව හා අධ්‍යාපනය ඔස්සේ රටේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ උපාය මාර්ගය ගැඹුරින් ක්‍රියාත්මක  කිරීම, දේශීය අවශ්‍යතාවන් පුළුල් කිරීම හා උසස් මට්ටමේ විවෘත භාවය පුළුල් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු 10ක් එම රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් විය.

භූ දේශපාලන ගැටුම් උග්‍ර වීම හා ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය ප්‍රමාණවත් නොවීම යටතේ චීනය මේ වසරේ ඉලක්කය ළඟා කර ගැනීම සරල දෙයක් නොවේ. ඒ වෙනුවෙන් වඩාත් වැඩි උත්සාහයක් අවශ්‍ය ය. චීනයේ නව සංවර්ධනයෙන් ලෝකයට නව අවස්ථා ලබා දීම, චීනයට අනිවාර්යෙන්ම සැබෑ කළ හැකි පොරොන්දුවකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම