රටේ භෞමික ස්වෛරීභාවය හා සාගර හිමිකම් සුරක්ෂිත කිරීමට කැප වන බව චීන වෙරළාරක්ෂක බලකාය පවසයි
2024-03-05 15:17:59
Share with:

සිය භෞමික ස්වෛරීභාවය හා සාගර අයිතිවාසිකම් අභිමානයෙන් යුතුව ආරක්ෂා කරන බව චීන වෙරළාරක්ෂක බලකාය පවසයි.

චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා අද (05) මේ බව පැවසීය.

පිලිපීනය තම නෞකා 4 ක් චීනයට අයත් Nansha දූපත් සමූහයේ Ren’ai ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල අත්තනෝමතිකව පිටත් කර යවා, එහි කලක් තිස්සේ නීති-විරෝධීව නැංගුරම් ලා ඇති ඔවුන්ගේ නෞකාවට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ඇත. ඒ අතරින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ප්‍රවාහන නෞකාව සම්බන්ධයෙන් මානුෂීය ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියා කිරීමට චීන වෙරළාරක්ෂක බලකාය  පියවර ගෙන තිබේ.

එවැනි පියවරක් ගෙන තිබියදීත්, එම පිලිපීන නෞකාවක් චීනයේ අනතුරු ඇඟවීම් නොතකා, චීන වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක හිතාමතා ම ගැටී ඇත. පිලිපීනය සැලසුම් සහගත ලෙස ගැටුම් ඇති කිරීමේ අරමුණින් දකුණු චීන මුහුදු ප්‍රදේශයේ සාමය හා ස්ථාවරයට අවස්ථා ගණනාවක දී මෙසේ බාධා එල්ල කර තිබේ. මෙවැනි ඕනෑ ම ප්‍රකෝපකාරී ක්‍රියාවකට එරෙහිව චීන වෙරළාරක්ෂක බලකාය  දැඩි ප්‍රතිචාර දක්වන බව Gan Yu මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම