උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන 05 වැනිදා සිට
2024-03-05 15:47:07
Share with:

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද(05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව හිමි වනු ඇත.

මේ අතර දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවයන්ගෙන් සන්නද්ධ කරවීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් ක‍ළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම